brand logo
logo
රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝ 20ක්

රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝ 20ක්

27 June 2026

රාජ්‍ය සේවකයන් සඳහා ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝ 20ක් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.


එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, කැකුළු සහ නාඩු සහල් මෙලෙස ලබාදීමට සැලසුම් කර ඇති බවය. 


"ඔන්න රාජ්‍ය සේවකයන්ට හාල් කිලෝ 20ක් දෙන්න හදන්නේ අපි. යෝජනාවක් තියෙනවා..කෘෂිකර්ම අමාත්‍යාංශයෙන්..රාජ්‍ය සේවකයන්ට ටිකක් සහන මිලට හාල් කිලෝ 20ක් දෙනවා..10 පැකට් දෙකක්. කැකුළු සහ නාඩු. ගෙවීමේ ක්‍රමයට. වවුචර් එකක් දෙනවා. සතොසෙන් සමූපකාරයෙන් ගන්න පුළුවන්. ගොවියගේ බත් ටික කන්න එපැයි හැමෝම. ආණ්ඩුව ගන්න වී ටික කොටලා දාන්න සැලැස්මක් හදලා තියෙන්නේ."



 

More News..