brand logo
logo
ළමාරක්ෂක අධිකාරියට  නිලධාරින් 300ක හිඟයක්

ළමාරක්ෂක අධිකාරියට නිලධාරින් 300ක හිඟයක්

04 July 2026 | වරුණි පෙරමුණ

ජාතික ළමාරක්ෂක අධිකාරියේ කාර්ය මණ්ඩලයේ නිලධාරින් තුන්සියයකගේ පමණ හිඟයක් ඇතැයි අනාවරණය වෙයි.


ජාතික ළමාරක්ෂක අධිකාරියේ ප්‍රධාන කාර්යාල ඇතුළු පළාත් කාර්යාලවල සේවකයන් හයසිය දෙනකු සේවයේ නිරතව සිටිය යුතු වුවද මේ වනවිට සේවය කරනු ලබන්නේ ඉන් සියයට පනහක පමණ පිරිසකි.


ඒ අනුව පරිපාලන නිලධාරින්, දිස්ත්‍රික් ළමා ආරක්ෂණ නිලධාරින්, දිස්ත්‍රික් මනෝ විද්‍යා නිලධාරින්, ගිණුම් සහායක නිලධාරින් සහ සහකාර උපදේශකවරුන් ඇතුළු නිලධාරින් සඳහා ජාතික ළමාරක්ෂණ අධිකාරියේ පුරප්පාඩු පවතී.


ජාතික ළමාරක්ෂක අධිකාරියේ කාර්යභාරය වන්නේ මෙරට ළමා අපයෝජන වැළැක්වීම, ළමයින් ආරක්ෂා කිරීම, සියලු ආකාරයේ ළමා අපයෝජනයන්ට එරෙහිව කටයුතු සම්බන්ධීකරණය හා නියාමනය කිරීම වන අතර මෙම සේවක හිඟය හේතුවෙන් ළමයින් සම්බන්ධව අදාළ කටයුතු කිරීමේදී ගැටලු මතුව තිබේ.

​ මේ සම්බන්ධව ‘සති අග අරුණ’ කළ විමසීමකදී ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ ප්‍රකාශ කළේ මේ වනවිට අවශ්‍ය බඳවා ගැනීම් සිදුකරමින් පවතින බවයි.

 

More News..