Online ව්‍යාපාර නියාමනයක්
26 June 2026
Online ව්‍යාපාර නියාමනයක්
26 June 2026
මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ සිදුකරනු ලබන ව්‍යාපාර නිසි ලෙස නියාමනයට ලක්කළ යුතු බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා සිල්ලර වෙළෙඳුන්ගේ සංගමයේ නව වැනි වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමිනි.
අන්තර්ජාල වෙළෙඳපොළ හරහා සිදුකෙරෙන ඇතැම් ව්‍යාපාර නිසි පරිදි ලියාපදිංචි නොවීම සහ බදු නොගෙවීම නිසා, නීත්‍යනුකූලව බදු ගෙවන ව්‍යාපාරිකයන් දැඩි අපහසුතාවයට පත්වන බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වාදුන්නේය.
පසුගිය කාලයේ මෙවැනි අවධිමත් ක්‍රම ඔස්සේ ඩොලර් මිලියන 780ක් වැනි විශාල මුදලක් රටින් පිටවී ඇති බව නිරීක්ෂණයවී ඇති බව පෙන්වා දුන් ඔහු පවසා සිටියේ දැනට ලියාපදිංචිවී ඇති ව්‍යාපාර ප්‍රමාණය 65,000ක් පමණ යැයි උපකල්පනය කළ හැකි වුවත්, ඇතැම් විශාල සමාගම් සතු නියෝජිතයන් සහ බෙදාහරින්නන් ප්‍රමාණය ලක්ෂ දෙකකට වඩා අධික බවය.
ඒ අනුව ගම්බද කුඩා සිල්ලර වෙළෙඳසලේ සිට ජාතික මට්ටමේ B2C ව්‍යාපාර දක්වා විශාල පිරිසක් නිසි පරිදි ලියාපදිංචි වී නොමැති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

