විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ චීන ව්‍යාපාරිකයන් සිව්දෙනෙකු අත්අඩංගුවට
01 July 2026
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ චීන ව්‍යාපාරිකයන් සිව්දෙනෙකු අත්අඩංගුවට
01 July 2026
රුපියල් 10,800,000 වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීන ගුවන් මගීන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ, "හරිත මාවත" ඔස්සේ මෙම දුම්වැටි තොගය පිටකර ගෙන යාමට තැත් කළ, මොවුන් සිව්දෙනා අද (01) අලුයම ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මොවුන් වයස අවුරුදු 35 සීමාවේ පසුවන චීන ජාතික ව්‍යාපාරිකයන් සිව්දෙනෙකි.
ඔවුන් අද අලුයම 12.30ට තායිලන්තයේ බැංකොක් නුවර සිට, තායි එයාර්වේස් ගුවන් සේවයේ ටී.ජී - 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 06ක් තුළ මෙම චීනයේ නිෂ්පාදිත දුම්වැටි 72,000ක් අඩංගු දුම්වැටි කාටූන් 360ක් සඟවා ගෙන රැගෙන විත් තිබුණි.
කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් සිටී.

