ප්‍රංශය සහ නෝර්වේ කණ්ඩායම් අවසන් 16 දෙනාගේ වටයට
01 July 2026
ප්‍රංශය සහ නෝර්වේ කණ්ඩායම් අවසන් 16 දෙනාගේ වටයට
01 July 2026
කිලියන් එම්බාපේගේ සුපිරි දක්ෂතා සමඟ ප්‍රංශ කණ්ඩායම මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.
අවසන් 32 දෙනාගේ වටයේ පැවති තරගයකදී ප්‍රංශය ගෝල 3ට 0ක් ලෙස ස්වීඩනය පරාජය කළ අතර, එම්බාපේ එහිදී ගෝල ද්විත්වයක් වාර්තා කළේය.
තරගයේ පළමු අර්ධය අවසන් වීමට පෙර එම්බාපේ ප්‍රංශය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළ අතර, 53 වැනි මිනිත්තුවේදී බ්‍රැඩ්ලි බාකෝලා දෙවන ගෝලය එක් කළේය. 74 වැනි මිනිත්තුවේදී නැවතත් ක්‍රියාත්මක වූ එම්බාපේ තෙවන ගෝලය වාර්තා කළේය.
මේ අතර, ලෝක කුසලාන පිළිමලුන් පිටුදැකීමේ අදියරේ වැඩිම ගෝල රැස් කළ ක්‍රීඩකයා බවටද කිලියන් එම්බාපේ පත්ව තිබේ.
ඒ අනුව ඔහු ගෝල 10ක් සමඟ ඉදිරියෙන් පසුවන අතර, ලියොනිදාස්, රොනාල්ඩෝ සහ පේලේ වැනි පාපන්දු දැවැන්තයින් අභිබවා ඇත.
මේ වන විට මෙවර තරගාවලියේ ගෝල 6ක් වාර්තා කර ඇති එම්බාපේ, එක් ලෝක කුසලාන තරගාවලියක වැඩිම ගෝල ලබාගත් ක්‍රීඩකයන් අතර ලියොනෙල් මෙසී තැබූ වාර්තාවටද සම වී තිබේ.
ප්‍රංශය අවසන් 16 දෙනාගේ වටයේදී පැරගුවේ කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතය.
මේ අතර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 32 දෙනාගේ වටය යටතේ 5වන තරගය ඊයේ පැවැත්වුණේ අයිවරි කෝස්ට් රාජ්‍ය සහ නෝර්වේ කණ්ඩායම් අතරයි.
තරගයේ පළමු අර්ධයේ අවසනායට ආසන්න වනතුරුම ගෝල රැස්කිරීමට කණ්ඩායම් දෙකම සමත්වුණේ නැත.
නමුත් පළමු අර්ධය අවසන් වීමට මිනිත්තු 6කට පෙර 39වැනි මිනිත්තුවේදී නෝර්වේ වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට අන්තෝනියෝ නූසා සමත්වුණි.
ඒ අනුව, ගෝල 1 ට 0ක් ලෙස නෝර්වේ කණ්ඩායමට පෙරමුණ හිමිකරදමෙින් පළමු අර්ධය නිමාවුණි.
තරගයේ දෙවන අර්ධය අවසන් වීමට මිනිත්තු 4කට පෙර ඒරලින් හාලන්ඩ් නෝර්වේ වෙනුවෙන් දෙවන ගෝලය රැස්කලේ නෝර්වේ කණ්ඩායම අවසන් දෙනාගේ වටයට කැඳවා යමින්ය.
ඒ අනුව ගෝල 2 ට 0ක් ලෙස තරගයේ ජය නෝර්වේ කණ්ඩායම හිමිකරගත්තේය.
නෝර්වේ කණ්ඩායම එම වටයේදී බ්‍රසීලය සමඟ තරග වදිනු ඇති.
නෝර්වේ කණ්ඩායම ලෝක කුසලාන පාපන්දු තරගාවලියක පිළිමලුන් පිටුදැකීමේ තරගයක් ජයගත් පළමු අවස්ථාව මෙය ලෙස වාර්තා අතරට එක්වෙයි.

