ගජමුතු 2ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
09 July 2026
ගජමුතු 2ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
09 July 2026
කිසිදු බලපත්‍රයක් නොමැතිව ළඟ තබාගෙන සිටි ගජමුතු දෙකක් විකිණීමට තැත් කළ පුද්ගලයෙකු සහ ඒ සඳහා ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වැටලීම සිදු කර ඇත්තේ ඊයේ (08) උදෑසන කාලයේදීය.
කොම්පඤ්ඤවීදිය පොලිස් වසමට අයත් මෙට්‍රෝ නිවාස සංකීර්ණය අසලදී මෙම ගජමුතු විකිණීම සඳහා සූදානමින් සිටියදී වටලනු ලැබූ අතර, අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 38, 46 සහ 47 යන වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් තලවතුගොඩ, මීතලාව සහ දොලොස්බාගේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

