brand logo
logo
 දියතලාවේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි - පුද්ගලයින් 40කට තුවාල

දියතලාවේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි - පුද්ගලයින් 40කට තුවාල

27 June 2026


කොළඹ සිට බදුල්ල දක්වා ධාවනයවූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු තුවාල ලබා තිබේ.


දියතලාව දුම්රිය පොළ ආසන්නයේදී බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇති බව වාර්තා වෙයි.


පොලිසිය පැවසුවේ අනතුරින් තුවාල ලැබූ පිරිස දියතලාව රෝහලට ඇතුළත් කර ඇති බවය.


දියතලාව රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ බරපතළ තත්ත්වයේ පසුවූ එක් අයෙකු බදුල්ල රෝහලට මාරු කර යැවු බවය.

 

 

More News..