brand logo
logo
ගතවූ පැය 24ට රිය අනතුරුවලින් පුද්ගලයින් 06දෙනෙකු මරුට

ගතවූ පැය 24ට රිය අනතුරුවලින් පුද්ගලයින් 06දෙනෙකු මරුට

05 July 2026


ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් 06දෙනෙකු මියගොස් තිබේ.


තණමල්විල, බෝධාගම ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.


ලොරි රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර ඉන් යතුරුපැදිකරු හා පසුපැදිකරු බරපතළ තුවාල ලබා තණමල්විල රෝහලට ඇතුළත් කර තිබේ. 


එහිදී ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔවුන් දෙදෙනාම මියගොස් ඇති බව පොලීසිය පැවසීය. 


මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 47ක් සහ 63ක් වන කටුවන හා වේයන්ගොඩ යන ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙකි.


එමෙන්ම කෝපායි ප්‍රදේශයේ දී පාපැදියක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් 72 හැවිරිදි පාපැදිකරු මියගොස් තිබේ.


හික්කඩුව ප්‍රදේශයේ දී ද සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු 72ක් වන පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.


ලොරි රථයක් මාර්ගයේ ගමන් කළ පුද්ගලයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහිදී මාර්ගයේ ගමන් ගත් පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය පැවසීය.


වේයන්ගොඩ, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් ද 70 හැවිරිදි බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු මියගොස් තිබේ.


එමෙන්ම කැකිරාව ප්‍රදේශයේ දී යතුරුපැදියක් මාර්ගයේ ගමන්ගත් පදිකයෙකුගේ‍ ගැටීමෙන් සිදු වූ අනතුරකින් ද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.


මෙලෙස මියගොස් ඇත්තේ 47 හැවිරිදි කැකිරාව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

 

More News..