ත්‍රිකුණාමල මුහුදේදී ධීවර යාත්‍රාවක් අනතුරකට ලක්වෙයි
04 July 2026
ත්‍රිකුණාමල මුහුදේදී ධීවර යාත්‍රාවක් අනතුරකට ලක්වෙයි
04 July 2026
ත්‍රිකුණාමලයේ සිට නාවික සැතපුම් තුනක පමණ දුරින් අනතුරකට ලක්වූ යාත්‍රාවක සිටි ධීවරයින් දෙනෙකු නාවික හමුදාව විසින් බේරගෙන තිබේ.
මෙලෙස බේරගෙන ඇත්තේ, පියා සහ පුත්‍රයා බව සඳහන්ය.
එම ධීවර බෝට්ටුවේ අයිතිකරු බව පැවසෙන පුද්ගලයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව සඳහන්ය.
මොවුන් තිදෙනා ඊයේ (03) උදෑසන ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබේ.
එහිදී එම යාත්‍රාව අනතුරකට ලක්ව ඇති බවට චීන වරාය පොලිසියට ලද තොරතුරකට අනුව මෙම බේරාගැනීමේ මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබේ.

