නීති සිසුවියකගේ මළ සිරුරක් පානදුර නිවෙසකින් හමුවෙයි
08 July 2026 | සම්පත් කුලරත්න - වාද්දුව
නීති සිසුවියකගේ මළ සිරුරක් පානදුර නිවෙසකින් හමුවෙයි
08 July 2026 | සම්පත් කුලරත්න - වාද්දුව
පානදුර උතුර පොලිස් බල ප්‍රදේශයට අයත් ගල්කණුව පාරේ කුලී නිවෙසක තිබී වයස අවුරුදු විසිහයක කාන්තාවගේ මළ සිරුරක් හමුවූ බව පානදුර උතුර පොලිසිය සඳහන් කරයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක නීති උපාධිය හදාරමින් සිටි පානදුර උතුර, ගල් කණුව පාර ප්‍රදේශයේ කුලී නිවෙසක විසූ මාන්නමරක්කළගේ නඳුනි සහශ්‍රී කුරේ නමැති අවිවාහක කාන්තාවකි.
මියගිය එම කාන්තාව මෙම නිවසේ තනිවම වාසය කර ඇති අතර ඇය එහි සිට අධ්‍යාපන කටයුතු මෙන්ම අතිරේක වශයෙන් නීතිඥයකුගේ අධිකරණ කටයුතු ද සිදුකොට තිබේ.
මෙම මළ සිරුර සම්බන්ධයෙන් සැක පවතින හෙයින් මෙය සියදිවි හානිකර ගැනීමක් ද නැත්නම් වෙනත් සිද්ධියක් ද යන්න සම්බන්ධයෙන් සෙවීම සඳහා පානදුර උතුර පොලිසිය හා පානදුර කොට්ඨාස ස්ථාන පරීක්ෂණ නිලධාරිහු වැඩිදුර විමර්ශන සිදුකරති.

