ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පනී - තිදෙනෙකුට තුවාල
03 July 2026
ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පනී - තිදෙනෙකුට තුවාල
03 July 2026
කඩවත සිට නුවරඑලිය දක්වා භාණ්ඩ ප්‍රවාහනය කල ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන බොක්කුවක් තුලට පෙරලී අනතුරට පත් විමෙන් එම ලොරි රථයේ ගමන් ගත් රියදුරා ඇතුලු තවත් දෙදෙනකු තුවාල ලබා කිතුල්ගල තැලිගම ප්‍රාදේශීය රෝහල වෙත (03) දින ඇතුලත් කල බව පොල්පිටිය පොලිසියේ නිළධාරියෙකු පැවසීය.
අලුයම 5:30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ පොල්පිටිය පොලිස්වසමට අයත් කළුගල සිංහල මහා විද්‍යාලය ආසන්නයේදිය.
ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ රියදුරුට නින්ද යෑමෙන් මෙම අනතුර සිදු වී ඇති බවත්, අනතුරින් ලොරි රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන පොල්පිටිය පොලිසියේ නිළධාරින් කියා සිටියේය.

