brand logo
logo
අරුණාලෝක සදහම් වන්දනා මුල්කිරිගලදී

අරුණාලෝක සදහම් වන්දනා මුල්කිරිගලදී

29 June 2026


පොසොන් උත්සවය නිමිත්තෙන් ලිබර්ටි පබ්ලිෂර්ස් පුද්ගලික සමාගම විසින් සංවිධානය කරන “අරුණාලෝක සදහම් වන්දනා 2026 මූලගිරි සදහම් යාත්‍රා” වැඩසටහන් මාලාව මෙවරත් ඓතිහාසික මුල්කිරිගල රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.


මෙම වැඩසටහන් මාලාව ඉකුත් 27 වැනිදා සර්වඥ ධාතු ප්‍රදර්ශනයෙන් ආරම්භ කෙරුණු අතර ජූලි 01 වැනිදා දක්වා එය පැවැත්වේ.


ඒ අනුව 28 වැනිදා රාජ්‍ය අංශය විසින් බැති ගී ප්‍රසංගයක් පවත්වන ලද අතර අද (29 වැනිදා) දවස පුරා සීල සමාදානය, ආලෝක පූජාව සහ මහා සෑ වන්දනාව පැවැත්වේ.


ජනප්‍රිය ගී තරු සමග දහම් පාසල් බැති ගී ප්‍රසංගය හෙට (30 වැනිදා) පැවැත්වෙන අතර එළඹෙන 01 වැනිදා පැවැත්වෙන සංස්කෘත ප්‍රසංගයෙන් අනතුරුව ‘අරුණාලෝක සදහම් වන්දනා 2026’ වැඩසටහන් මාලාව නිමාවට පත්වේ.


වීරකැටිය ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, වීරකැටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව නියෝජනය කරන රාජ්‍ය ආයතන, පොලිසිය, වලස්මුල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ පාසල් සහ දහම් පාසල් සහ වීරකැටිය වෙළෙඳ සංගමය එක්ව මෙම වැඩසටහන් මාලාව සංවිධානය කිරීම සඳහා බැතිබර සහයෝගිතාව ලබා දෙයි.

 

More News..