දකුණු කොරියානු හිටපු ජනපතිගේ බිරිඳට වසර 07ක සිරදඬුවමක්
26 June 2026
දකුණු කොරියානු හිටපු ජනපතිගේ බිරිඳට වසර 07ක සිරදඬුවමක්
26 June 2026
දකුණු කොරියානු හිටපු ජනාධිපති යූන් සුක් යෙඕල්ගේ බිරිඳ වන කිම් කියෝන්හට වසර 07ක සිරදඬුවමක් නියම වී තිබේ.
අල්ලස් ලබාගැනීමේ චෝදනාවකට වරදකාරිය වීම හේතුවෙන් සෝල්හි අධිකරණයක් මගින් ඇයට මෙම දඬුවම නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
යූන් සුක් ජනාධිපති ධුරය දැරූ 2022 – 2025 සමයේ දී ජනාධිපති ආර්යාවගේ තනතුර අවභාවිත කරමින් වොන් මිලියන 300කට අධික වටිනාකමින් යුතු ආභරණ ඇතුළු ත්‍යාග අල්ලස් ලෙස ලබාගැනීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජනාධිපති ආර්යාවට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබු බව සඳහන් වේ.
රට තුළ හමුදා නීතිය ප්‍රකාශයට පත් කිරීමේ අසාර්ථක උත්සහය හේතුවෙන් හිටපු ජනාධිපති යූන් සුක් යෙඕල් හට ද පසුගිය පෙබරවාරි මාසයේ දී ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම වූ අතර ඔහුට එරෙහිව තවත් චෝදනා රැසකට අදාළව නඩු විභාග වෙමින් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දී ඇත.

