brand logo
logo
දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

07 July 2026


Citizens Development Business Finance PLC (CDB) හී තිරසාරත්ව උපායමාර්ගය යටතේ ක්‍රියාත්මක වන විශේෂ වැඩසටහනක් ලෙස, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMB Fair 2026) ප්‍රදර්ශනයේ හයවන අදියර දේශීය ව්‍යාපාර ශක්තිමත් කිරීමේ අරමුණින් සංවිධානය කෙරිණි. ජුනි 19 සහ 20 යන දෙදින තුළ මහනුවර සහස් උයන ව්‍යාපාරික සවිබලගැන්වීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වූ අතර, එහිදී Citizens Development Business Finance PLC (CDB) දින දෙකක් පුරා දහසකට අධික පිරිසක් දිනකට මෙම ප්‍රදර්ශනයට පැමිණ, ශ්‍රී ලංකාවේ ඩිජිටල් වෙළඳපොළේ නව අත්දැකීමක් භුක්ති විඳිමින්, රට පුරා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ගේ විවිධත්වය, ඔරොත්තු දීමේ හැකියාව සහ නව්‍යකරණ හැකියාව සමරනු ලැබීය.


මෙම ප්‍රදර්ශනය ආහාර සහ පාන වර්ග, ඇඳුම් සහ විලාසිතා නිෂ්පාදන, උපාංග, බතික් නිර්මාණ, අතින් නිමවන ලද නිර්මාණ සහ කෘෂිකාර්මික නිෂ්පාදන ඇතුළු විවිධාකාර භාණ්ඩ හා සේවාවන්ගෙන් සමන්විත විය. සහභාගී වූ ව්‍යාපාරිකයන් සඳහා මෙය සාමාන්‍ය ප්‍රදර්ශනයක් පමණක් නොව, පාරිභෝගිකයන් සමඟ සෘජුව සම්බන්ධ වීමට ලැබුණු වටිනා අවස්ථාවක් බවට පත්වුණා. මෙම අවස්ථාව පිළිබඳව ව්‍යාපාරිකයන් දැක්වූ කෘතඥතාවයත්, ඉදිරි ප්‍රදර්ශන සඳහා ද සහභාගී වීමට ඇති දැඩි උනන්දුවත්, මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය සඳහා වැදගත් වේදිකාවක් බව තවදුරටත් තහවුරු කළා. 


CDB SMB FAIR පැවැති දින දෙක පුරාම CDB SELF APP එක හරහා QR ගෙවීම් සිදුකරන පාරිභෝගිකයන්හට ලබාදුන් විශේෂ 25%ක Cashback දීමනාවට විශේෂ ප්‍රතිචාර ලැබුණු අතර, පැමිණි ජනතාවට ඩිජිටල් ගෙවීම් ක්‍රමයේ පහසුව සෘජුව අත්විඳීමට හැකි වුණා. මෙම පහසුකම දේශීය වෙළඳ ප්‍රදර්ශන සඳහා නව ප්‍රමිතියක් ස්ථාපිත කළ අතර, ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම පරිමාන ව්‍යාපරික ප්‍රජාව ශක්තිමත් කිරීම සඳහා ගත් වටිනා පියවරක් ලෙස බොහෝ පාර්ශවයන්ගේ පැසසුමට ද ලක්වීම විශේෂත්වයක්.


මෙම ප්‍රදර්ශනයේ සාර්ථකත්වය පිළිබඳ අදහස් දක්වමින් CDBහී ජ්‍යෙෂ්ඨ සහකාර මූල්‍ය සාමාන්‍යාධිකාරී චමත් සිරිවර්ධන මහතා මෙසේ ප්‍රකාශ කළා, 

"මහනුවරදී අප අත්විඳි මෙම අත්දැකීම, ‘දේශීය ව්‍යාපාරවල හොඳම දේ එකම තැනකින්’ යන තේමාව සැබෑ ලෙසම නිරූපණය කළා. මහනුවරදී ප්‍රථමවරට දේශීය ව්‍යාපාර එකම වේදිකාවකට එක්වීමෙන් ඇති වූ උද්‍යෝගය එහි සැබෑ බලපෑම මනාව පෙන්නුම් කළා. එය අපට දේශීය ව්‍යාපාර ප්‍රදර්ශනය කිරීමෙන් ඔබ්බට ගොස්, ඔවුන්ගේ විශිෂ්ටත්වය වර්ධනය කර ගැනීමට සහ ඔවුන්ට දියුණු වීමට අවශ්‍ය වේදිකාව සපයමින් අඛණ්ඩව සහාය වීමට නව ශක්තියක් ලබා දුන්නා."


තවදුරටත් අදහස් දැක්වූ ඔහු,


"SMB ව්‍යාපාර සවිබලගැන්වීම හරහා ශ්‍රී ලංකා ආර්ථිකයේ ශක්තිමත් වර්ධන මාවතක් නිර්මාණය කිරීමට CDB දායක වන බව අප විශ්වාස කරනවා. මහනුවර ප්‍රදර්ශනය ශ්‍රී ලාංකීය ව්‍යවසායකත්වය විදහා දැක්වුවා පමණක් නොව, රට පුරා ක්‍රියාත්මක කළ හැකි සවිබලගැන්වීමේ වැඩසටහන් සඳහා ආදර්ශයක්ද නිර්මාණය කළා. එවැනි ව්‍යාපාර තවත් විශාල සහ ශක්තිමත් කිරීමට CDB සැමවිටම ඔවුන්ගේ විශ්වාසවන්ත සහකරුවා ලෙස කටයුතු කරනවා." ඔහු ප්‍රකාශ කළා. 


CDB පිළිබඳව


Citizens Development Business Finance PLC (CDB) ශ්‍රී ලංකාවේ සිව්වන විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය වන අතර, රටේ වඩාත්ම නව්‍යකරණශීලී මූල්‍ය ආයතන අතරින් එකක් ලෙස පිළිගැනේ. තිරසාරත්වය, යහපාලනය, වගවීම සහ විනිවිදභාවය සඳහා ඇති දැඩි කැපවීම සමඟින්, දුරදිග යන තාක්ෂණික නවෝත්පාදන සහ අති නවීන මූල්‍ය විසඳුම් හරහා ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රය නව මගකට ගෙන යාමට CDB අඛණ්ඩව කටයුතු කරයි.


 

More News..