අගලවත්ත ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඉල්ලා අස්වෙයි
26 June 2026
අගලවත්ත ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඉල්ලා අස්වෙයි
26 June 2026
අගලවත්ත ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළ ඉන්දික ජයලත් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
සිය තීරණයට හේතු දක්වමින් සභාපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් ඔහු මේ බව දැනුම්දී ඇත.
අගලවත්ත නාගරික සැලසුම අසාර්ථක කිරීම, අගලවත්තට අධිකරණ සංකීරණයක් ගෙන ඒම සහ නව පොලිස් ස්ථානය සඳහා අවකාශ ලබා නොදීම, යටියන ප්‍රදේශයේ වෙළෙඳ මධ්‍යස්ථානයක් පිහිටුවීම අසාර්ථකවීම, ආපදා කලමණකාකරණ ගොඩනැලිල්ල ඉවත් නොකිරීම යනාදී කරුණු රැසක් ඔහු එම ලිපියේ සඳහන් කර තිබේ.
එමෙන්ම මුදල් හා ප්‍රතිපත්ති කාරක සභාව සහ කාර්මික සේවා කාරක සභාවෙන් ඉල්ලා අස්වන බවද එම ලිපියෙන් වැඩිදුරටත් දැනුම් දී ඇත.
ඉන්දික ජයලත් මහතා යොමු කළ ලිපිය පහතින්,

