brand logo
logo
නව බස් ගාස්තු අද සිට

නව බස් ගාස්තු අද සිට

06 July 2026 | එෆ්. අස්ලම්


වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව වැඩි කෙරුණු නව ගාස්තුව අද (06 වැනිදා) සිට ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.


බස් ගාස්තුව ඛාණ්ඩ තුනක් යටතේ වැඩි කිරීමට තීරණය කළ බවට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පසුගියදා(01 වැනිදා) දැනුම් දී තිබුණී.


ඒ අනුව ගමනාන්තය කිලෝමීටර් 100 ට වඩා අඩු කෙටි දුර බස් ගාස්තුව සියයට 12 කින් ද ගමනාන්තය කිලෝමීටර් 100 ට වඩා වැඩි දුරගමන් සේවා බස් ගාස්තුව සියයට 20 කින්ද ඉහළ දැමීමට තීරණය කර ඇත.


එසේම කෙටි දුර වායු සමීකරණය කළ බස් ගාස්තුව සියයට 12කින් හා දුරගමන් සේවා වායු සමීකරණය කළ බස්රථ ගාස්තුව සියයට 15 කින් ඉහළ නංවා ඇත.


මේ අනුව සාමාන්‍ය අවම බස් ගාස්තුව රුපියල් 30 සිට 34 දක්වා වැඩිව ඇත.

 

More News..