brand logo
logo
  බස් ගාස්තු සංශෝධනය විකෘතියක් - පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය

බස් ගාස්තු සංශෝධනය විකෘතියක් - පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය

05 July 2026


යෝජිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය විකෘතියක් බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි. 


එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, ගාස්තු පාලනය කිරීම රජය විසින් හිතාමතාම පැහැර හැරිය බවය. 


රට තුළ කෙටිදුර සේවා බස් රථ 10,000කට අධික ප්‍රමාණයක් ධාවනය වන බවත් දුර සේවා බස් රථ 3,000ක් පමණ පවතින බවත් ඔහු අනාවරණ කළේය. 


කෙසේ වෙතත් මෙම සේවා දෙකටම ගාස්තු වර්ග දෙකක් ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්වනු ඇති බව ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙයි. 


එමෙන්ම ඉදිරියේදී ඉන්ධන මිල තවදුරටත් අඩු වන්නේ නම් කෙටිදුර සේවා සඳහා ලබාදී ඇති සියයට 12ක ගාස්තු සංශෝධනයට කුමක් වනු ඇද්දැයි යන ගැටලුව මතු වන බව සභාපතිවරයා ප්‍රශ්න කර සිටියි. PriceComparisons


ඒ අනුව ඩීසල් මිල අඩු වූවත් ඉදිරියේදී කෙටිදුර සේවා ගාස්තු අඩු කිරීමට නොහැකි වන බව ද ඔහු අවධාරණය කරයි. 


වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේදී දුරසේවා සඳහා සියයට 20ක ගාස්තු වැඩිවීමක් ලබාදීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කර ඇත. 


මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ගැමුණු විජේරත්න මහතා අවධාරණය කළේ, මේ හේතුවෙන් ඉදිරියේදී බස් කර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ දෙනු ඇති බවය. 


යෝජිත බස් ගාස්තු සංශෝධනය අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

 

More News..