brand logo
logo
  මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට

28 June 2026


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල පැමිණීමේ ර්පයන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.


ඊයේ (27) සවස සිදුකළ මෙම වැටලීමේදී හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3 ග්‍රෑම් 8ක් හා කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 82‍ක් සමඟ සැකකරුවෙකු සහ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3 මිලිග්‍රෑම් 968ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු, හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2 ග්‍රෑම් 310ක් හා කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 952ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


සැකකරුවන් අවුරුදු 27, 30 වයස්වල පසුවන අයවන අතර සැකකාරිය වයස අවුරුදු 34ක් වන බව සඳහන් වෙයි.


මේ අතර සැකකරුවන් හා සැකකාරිය හෙට්ටිමුල්ල, වැල්ලම්පිටිය හා දංඕවිට ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.


සිද්ධිය සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය කාර්යංශයේ කටුනායක ගුවන්තොටුපල ඒකකය මඟින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.

 

More News..