brand logo
logo
භෞත චිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිව්දෙනා රිමාන්ඩ්

භෞත චිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිව්දෙනා රිමාන්ඩ්

26 June 2026


නුවරඑළිය ප්‍රදේශයේදී භෞත චිකිත්සකවරියක ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධව අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු එළැඹෙන 09 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.


සැකකරුවන් පිරිස අද (26) නුවරඑළිය මහේස්ත්‍රාත් බුද්ධිකා හර්ෂනී ධර්මදාස මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.


ඒ අනුව ප්‍රධාන සැකකරු, සැකකරුගේ බිරිඳ සහ සැකකරුට සහයෝගය ලබා දුන් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරු මෙන්ම නුවරඑළිය පොලීසියේ හිටපු ස්ථානාධිපති ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.


ප්‍රධාන සැකකරු, සැකකරුගේ බිරිඳ සහ සැකකරුට සහයෝගට ලබා දුන් ප්‍රාදේශීය සභා රියදුරු අද දින දක්වා රැඳවුම් නියෝග මත රඳවා තිබූ අතර ඔවුන් පිරිස අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.


එමෙන්ම මෙහිදී ප්‍රධාන සැකකරුගේ දරුවා මව භාරයේම රක්ෂිත බන්ධනාගාරයේ තැබීමටද මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කළාය.

 

More News..