brand logo
logo
එක තැන සිටි රසායනාගාර විද්‍යාඥයන් 16කට ස්ථාන මාරුවීම්

එක තැන සිටි රසායනාගාර විද්‍යාඥයන් 16කට ස්ථාන මාරුවීම්

02 July 2026 | ශිරාන් රණසිංහ


එක් සේවා ස්ථානයක වසර ගණනාවක් සේවය කිරීම මුල්කරගෙන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන් පිරිසකට ස්ථාන මාරුවීම් දීමට බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක පියවර ගෙන තිබේ. ඒ අනුව 2026 ස්ථාන මාරු සමාලෝචන කමිටුව මගින් නිර්දේශ කර ඇති වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන් දහසය දෙනෙක්ව මෙසේ ස්ථාන මාරු කර ඇත.


සේවා අවශ්‍යතා රෝගීන්ගේ යහපත, කාර්ය සාධනය, නිපුණතාව හෝ ආයතනික කාර්යක්ෂමතාව ආදිය නොතකා මෙලෙස ස්ථාන මාරුවීම් දීම තම සංගමය දැඩි සේ විරෝධය පළකරන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය පවසයි.


ඒ අනුව මෙම ස්ථානමාරු වීම් වහාම අත්හිටුවා නවීන මානව සම්පත් කළමනාකරණ මූලධර්ම මත පදනම්ව නව ස්ථාන මාරුවීම් ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස එම සංගමය බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක වෙත ලිපියක් යොමු කරමින් කියා සිටී.

 

More News..