ඩෙංගු මරණ 42ක් දක්වා ඉහළට
08 July 2026
ඩෙංගු මරණ 42ක් දක්වා ඉහළට
08 July 2026
වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නිවේදනය කරයි.
එම ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසුවේ, මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් ගණන 63,835ක් බවය.
ජූලි මාසයට පමණක් රෝගීන් 8,450ක් වාර්තා වී ඇති අතර, ඉදිරි දින කිහිප තුළත් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම් සිදුකරන බවද වෛද්‍යවරයා පැවසීය.

