brand logo
logo
පාසල් ප්‍රවාහන ගාස්තු හා ත්‍රීරෝද රථ ගාස්තු ගැන තීරණයක්

පාසල් ප්‍රවාහන ගාස්තු හා ත්‍රීරෝද රථ ගාස්තු ගැන තීරණයක්

30 June 2026

ඉන්ධන මිල අඩු වුව ද පාසල් ළමුන්ගේ ප්‍රවාහන ගාස්තු හා ත්‍රීරෝද රථ කුලී ගාස්තු අඩු නොවන බව එම සංගම් පවසා තිබේ.


ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් වර්ග දෙකක මිල අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනු ලැබීය.


ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 414ක් දක්වා රුපියල් 20කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 382ක් දක්වා රුපියල් 25කින් අඩුකිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනු ලැබීය.

මේ අතර, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් සහ සුපර් ඩීසල් මිල මෙන්ම භූමිතෙල් මිල ද සංශෝධනය නොවන බව එම සංස්ථාව සඳහන් කළේය.


ඒ අනුව ඉන්ධන මිල අඩු වුව ද රථවාහන අමතර කොටස් ඇතුළු සියලු ද්‍රව්‍යවල මිල ඉහළයාම හේතුවෙන් ගාස්තු සංශෝධනයක් සිදුකළ නොහැකි බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසයි.

එහි සභාපති ලලිත් චන්ද්‍රසිරි මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.

"හැමෝම බලාපොරොත්තු වෙනවා රුපියල් 25 ඩීසල් මිල අඩුකරලා පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු අඩුවෙයි කියලා. කියනකොට කියනවා වැඩි කරනකොට වැඩි කරනවා අඩු කරනකොට අඩු කරන්නෑ කියලා. නමුත් මේ වෙලාවේ අපිට ගාස්තු අඩු කිරීමක් කරන්න අපහසුයි. මොකද ලිහිසි තෙල් 1,100ට තිබුණු එක 1,500වෙලා තියෙනවා. ටයර් රුපියල් 600කින් වැඩි වෙලා තියෙනවා. අමතර කොටස් මිලත් ඒ වගේම වැඩිවෙලා තියෙනවා. එතකොට රජය පැත්තෙන් මැදිහත්වෙන්න ඕනි මෙන්න මේවා ඒ වැඩිකරන මිල. මේ අපේ ගාස්තු අඩු කරනවා වගේම ඒවත් අඩු කරලා දෙන්න. නැත්තන් අපිට මේ ගාස්තු අඩු කරලා මේ සේවය කරගෙන යන්න බැරි වෙනවා. ඒ නිසා අපි කනගාටුවෙන් හරි ප්‍රකාශ කරනවා අපිට මේ වෙලාවේ ගාස්තු සංශෝධනයක් කරන්න විදියක් නැහැ අනිකුත් දේවල්වල මිල ඉහළ ගිහින් තියෙන නිසා"



 

More News..