brand logo
logo
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය හෙට සිට ක්‍රියාත්මක කරන්නැයි බස් සංගම්වලින් ඉල්ලීමක්

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය හෙට සිට ක්‍රියාත්මක කරන්නැයි බස් සංගම්වලින් ඉල්ලීමක්

30 June 2026


වාර්ෂික බස් ගාස්තු සංශෝධනය හෙට (01) දිනයේ සිට ක්‍රියාත්මක කළ යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.


එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, වාර්ෂික බස් ගාස්තු සංශෝධන ප්‍රතිපත්තියට අනුව මෙවර බස් ගාස්තුව සංශෝධනය විය යුතු ආකාරය ජාතික ගමනාගමන කොමිෂන් සභාවට මේ වන විටත් දැනුවත් කර ඇති බවය.


එහෙත් ඔවුන් ඒ සම්බන්ධයෙන් මෙතෙක් බස් සංගම් සමග කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවට බස් සංගම් චෝදනා කරයි. 


කෙසේවෙතත් මෙවර බස් ගාස්තු සංශෝධනයේ දී අපේක්ෂිත බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවුණහොත් අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.


මේ සම්බන්ධයෙන් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කළේ, වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වූ යෝජනාව මේ වන විටත් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවය.


කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීමෙන් අනතුරුව බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කළේය.

 

More News..