brand logo
logo
නාමල්ගේ ක්‍රිෂ් නඩුව විභාගයට දින දෙයි

නාමල්ගේ ක්‍රිෂ් නඩුව විභාගයට දින දෙයි

07 July 2026

ක්‍රිෂ් ගණුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාගය සඳහා නොවැම්බර් මස 16 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.


මෙම නඩුව අද (07) කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපරණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.


එහිදී අදාල නඩුවේ ඉන්දියානු ජාතික සාක්ෂිකරුවන් දෙදෙනෙකුට විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමේ ක්‍රමවේදය යටතේ සිතාසි නිකුත් කරන ලෙස විනිසුරුවරිය විසින් නියම කරනු ලැබීය.


ඉන් අනතුරුව නඩුව විභාගය සඳහා නොවැම්බර් මස 16 වනදා කැඳවන ලෙසත් නියම කෙරුණි.



 

More News..