brand logo
logo
නාය යනවාදැයි  පරීක්ෂා කරන්න ඉල්ලීම් 7,779ක්

නාය යනවාදැයි පරීක්ෂා කරන්න ඉල්ලීම් 7,779ක්

27 June 2026 | සාලිය කුමාර ගුණසේකර

දිට්වා සුළි කුණාටුවෙන් පසු නායයෑමේ අවදානම් ස්ථානයක්දැයි පරීක්ෂා කිරීමට අදාළව ඉල්ලීම් 7,779 ක් ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ ආයතනයට ලැබී ඇත.


එම ඉල්ලීම්වලට අදාළ ස්ථාන හා නිවාස සංඛ්‍යාව 51,990 ක් බවද එම ආයතනය කියයි.


මේ වන විට ස්ථාන 11,020 ක් සහ එම ස්ථානවල තිබෙන නිවාස 48,748 ක් පරීක්ෂා කර අවසන් බවද ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ ආයතනය සඳහන් කරයි.


නායයෑම් අවදානම් ස්ථානයක්දැයි පරීක්ෂා කිරීමට අදාළව වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කයෙනි. එම පැමිණිලි සංඛ්‍යාව 1,639 කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 1,392 ක්ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 1,248 ක්ද ලැබී තිබේ.


නායයෑමේ අධි අවදානම් කලාපවල පවුල් 15,000 ක් පදිංචිව සිටින බව ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ ආයතනය විසින් හඳුනාගෙන ඇති අතර, ඉන් පවුල් 5,000 ක් පමණ මේ වන විට ආරක්ෂිත ස්ථානවල පදිංචි කරවා ඇතැයිද එම ආයතනය පවසයි.

 

More News..