පාසල් ලීග් රග්බි ශූරතාව මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට
27 June 2026
පාසල් ලීග් රග්බි ශූරතාව මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට
27 June 2026
බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය ලකුණු 20-07ක් ලෙස පරාජය කරමින්, අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතාව අඛණ්ඩව දෙවන වරටත් දිනාගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අද (26) සමත් විය.
තරගාවලිය පුරා අපරාජිතව ඉදිරියට පැමිණි ත්‍රිත්ව සිංහයන්ට මෙම ජයග්‍රහණයත් සමග මෙවර ලීග් ශූරතාවට හිමිකම් කීමට අවස්ථාව උදාවිය.
තරගයේ ආරම්භයේ සිටම දැඩි සටනක නිරත වූ ත්‍රිත්ව විද්‍යාලය, පළමු අර්ධය නිමාවන විට ලකුණු 07-00ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.
ජයග්‍රාහී ත්‍රිත්ව කණ්ඩායම උත්සාහක දිනුම් 2ක්, ප්‍රවර්ථන 2ක් සහ දඬුවම් පහර 2ක් සාර්ථක කරගනිමින් ලකුණු රැස්කළහ.
ලීග් ශූරතාවට අමතරව, වසර 15කට පසුව මෙවර ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමටද ත්‍රිත්ව විද්‍යාලය සමත් විය.
ඒ අනුව මෙවර පාසල් රග්බි පිටියේ ද්විත්ව කිරුළු දිනා ගැනීමට ඔවුන්ට හැකි වී තිබේ.
මෙවර තරගාවලියේ අනුශූරතාව මරදාන සහිරා විද්‍යාලයට හිමි වූ අතර, බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයට තෙවන ස්ථානය හිමිවිය.

