brand logo
logo
දුම්රිය මැදිරි කිහිපයක් මහනුවර සිට පේරාදෙණිය දක්වා ප්‍රවාහනය කෙරේ

දුම්රිය මැදිරි කිහිපයක් මහනුවර සිට පේරාදෙණිය දක්වා ප්‍රවාහනය කෙරේ

03 July 2026


උඩරට දුම්රිය මාර්ගයේ කඩුගන්නාව සහ රඹුක්කන අතර දුම්රිය මාර්ගයේ නාය ගිය ස්ථාන ප්‍රතිසංස්කරණය කිරිම සදහා දුම්රිය එන්ජිමක්, දුම්රිය සේවා මැදිරියක් සහ බෝඩි කිහිපයක් මහනුවර දුම්රිය ස්ථානයේ සිට විශේෂ ලොරි රථයකින් පේරාදෙණිය දුම්රිය ස්ථානය දක්වා ප්‍රවාහනය කිරිමේ කටයුතු (03) දින රාත්‍රියේ සිට සිදු කරන බව ඉහළ දිස්ත්‍රික් දුම්රිය විධායක ඉංජිනේරු - නානුඔය දනුෂ්ක දිසානායක මහතා පැවසීය.


එම දුම්රිය මැදිරිය සහ බෝඩි කිහිපයක් (03) දින රාත්‍රි යේ පේරාදෙණිය දුම්රිය ස්ථානය දක්වා ප්‍රවාහනය කරන බවත්, ටොන් 70ක් පමණ බරති දුම්රිය එන්ජිමක් සදුදා දින රාත්‍රි යේ ප්‍රවාහනය කිරිම සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවයි දනුෂ්ක දිසානායක මහතා කියා සිටියේය.


එම දුම්රිය එන්ජිම සහ දුම්රිය මැදිරි සහ බෝඩි පේරාදෙණියේ සිට කඩුගන්නාව දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සදහා භාණ්ඩ ප්‍රවාහනය කිරිමට යොදා ගන්නා බවද දනුෂ්ක දිසානායක මහතා පැවසීය.

 

More News..