කොදෙව් දේශයට ගිය ශ්‍රී ලංකා ටෙස්ට් පිල දැඩි අර්බුදයක
03 July 2026
කොදෙව් දේශයට ගිය ශ්‍රී ලංකා ටෙස්ට් පිල දැඩි අර්බුදයක
03 July 2026
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (03) ඇන්ටිගුහාහිදී ආරම්භවීමට නියමිතයි.
මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් කණ්ඩායම තේරීමට සිදුව ඇත්තේ, ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙනි.
වේගපන්දු යවන ක්‍රීඩකයින් වන ළහිරු කුමාර සහ විශ්ව ප්‍රනාන්දු දෙදෙනාම මේ වනවිට ආබාධවලට ලක්ව සිටිති.
එමෙන්ම ආරම්භ පිතිකරු පැතුම් නිස්සංක ද ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්, එම ස්ථානයට ළහිරු උදාර ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වේ.
රමේෂ් මෙන්ඩිස් බැක්ටීරියා ආසාදනයකට ගොදුරුවී ඇති බැවින් ඔහුට ද දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වනු ඇත.
කසුන් රාජිත මෙම තරගයට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත බැවින් ඉසිත් විජේසුන්දරට ටෙස්ට් වරම් හිමිවනු ඇති බව සඳහන්ය.
තව ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විශේෂඥ දගපන්දු යවන්නා වන ප්‍රභාත් ජයසූරිය දෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙයි.
දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 217ක දැවැන්ත පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායම ලැබීය.

