brand logo
logo
රුපියල සියයට 8කින් අවප්‍රමාණය වෙයි

රුපියල සියයට 8කින් අවප්‍රමාණය වෙයි

28 June 2026


2026 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 8කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව තහවුරු කර තිබේ. Beaches& Islands


මහ බැංකු වාර්තාවලට අනුව, සිකුරාදා (26) දින ගනුදෙනු අවසානයේදී අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 332.22ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 341.87ක් ලෙස පැවතුණි.


කෙසේ නමුත්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගිය මාසයේදී ප්‍රකාශ කළේ, වත්මන් රුපියල අවප්‍රමාණය වීම 2022 වසරේ සිදු වූ දරුණු කඩා වැටීමට වඩා වෙනස් එකක් බවය. 


වර්ථමානයේ රුපියල පහළ යාමට හේතු වී ඇත්තේ දේශීය සිද්ධීන් නොව ගෝලීය තත්ත්වයන් බව ඔහු පෙන්වා දුන්නේය.


2022 මාර්තු-අප්‍රේල් කාලසීමාව තුළ අනෙකුත් කලාපීය මුදල් ඒකක ස්ථාවරව පවතිද්දී, ශ්‍රී ලංකා රුපියල රුපියල් 370 දක්වා බිඳ වැටුණේ දේශීය සාධක හේතුවෙන් බව ඔහු සඳහන් කළේය.

 

More News..