brand logo
logo
තහනම් වතුර බෝතලය කෘෂිකර්ම අමාත්‍යාංශයට ඇවිත්

තහනම් වතුර බෝතලය කෘෂිකර්ම අමාත්‍යාංශයට ඇවිත්

26 June 2026 | •සාලිය කුමාර ගුණසේකර

සියලුම රාජ්‍ය ආයතනවලට තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනීම හා භාවිතය ඉකුත් මැයි මස 31 වැනිදා සිට සම්පූර්ණයෙන් නතර කළයුතු බවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කර තිබියදීත්, ඇමැති කේ.ඩී.ලාල්කාන්තගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ පෙරේදා (24 වැනිදා) පැවැති සාකච්ඡාවකට එම ජල බෝතල් ප්‍රධාන මේසය මත තබා ඇති අයුරු දක්නට ලැබිණි.


රාජ්‍ය ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු විධිමත් කිරීම යටතේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝකබණ්ඩාර විසින් නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 09/2025 හි 2.1.2 උප වගන්තිය සංශෝධනය කරමින් ඉකුත් මැයි මස 15 වැනිදා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ සංස්ථාපිත හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ට දැනුම්දී ඇත්තේ සියලුම රාජ්‍ය ආයතනවලට තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනීම හා භාවිතය ඉකුත් මැයි මස 31 වැනිදා සිට සම්පූර්ණයෙන් නතර කළයුතු බවය.


පරිසර හානිය අවම කිරීම සඳහා එලෙස චක්‍රලේඛයක් නිකුත් කර තිබියදීත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, ගොවිජන මන්දිරයේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේ පෙරේදා (24 වැනිදා) පැවැති ශ්‍රී ලංකාවේ සියලුම ඉඩම් ජාලගත කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාව සඳහා පැමිණි පිරිසට ප්‍රධාන මේසය මත තබා ඇත්තේ තනි භාවිත ප්ලාස්ටික් බෝතල්ය.

 

More News..