brand logo
logo
ඩෙංගු තවාන් දැමූ 5000කට නඩු

ඩෙංගු තවාන් දැමූ 5000කට නඩු

26 June 2026 | •ජූඩ් සමන්ත - පුත්තලම

දිවයින පුරා ඩෙංගු පරිශ්‍ර පවත්වා ගෙන ගිය පුද්ගලයන් 5000 කට වැඩි ප්‍රමාණයකට ඒ ඒ ප්‍රදේශවල අධිකරණයන් හමුවේ නඩු පැවරීමට පසුගිය දින කීප‌යේ කටයුතු කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංමගයේ වැඩ බලන සභාපති උපුල් රෝහණ සඳහන් කරයි.


මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ වැඩ බලන සභාපතිවරයා මෙසේද පැවසීය.

ඩෙංගු රෝගය මේ වන විට අධි වසංගත තත්ත්වයට පත්ව තිබෙනවා. පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා රජය සියලුම උත්සාහයන් මේ වන විට ගනිමින් සිටිනවා. සෞඛ්‍ය අංශවල සේවය කරන සියලුම කාර්ය මණ්ඩලයන් තමන්ගේ සාමාන්‍ය රාජකාරි පසෙකලා දිවයින පුරා ඩෙංගු මර්දන කටයුතුවල නිරතව සිටින බව පැවසිය යුතුයි.


ඒ අතරතුර ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් පිරී ගොස් ඇති ආකාරයක්ද දක්නට තිබෙනවා.ඇතැම් රෝහල්වල රෝගීන් නේවාසික කළ හැකි ධාරිතාවද ඉක්මවා ගොස් තිබෙන බවක් දැනගන්නට තිබෙනවා.

 

More News..