brand logo
logo
කුඹල්වෙල මහමෙව්නා අසපුව ආශ්‍රිත කඳු ප්‍රදේශයේ ගින්නක්

කුඹල්වෙල මහමෙව්නා අසපුව ආශ්‍රිත කඳු ප්‍රදේශයේ ගින්නක්

05 July 2026 | පාලිත ආරියවංශ - බදුල්ල


බණ්ඩාරවෙල ඇල්ල කුඹල්වෙල මහමෙව්නා අසපුව ආශ්‍රිත කඳු ප්‍රදේශයේ කැලෑවේ ගින්නක ඊයේ (04) මැදියම් රැයේ ඇතිවී තිබේ.


පවතින වියල කාලගුණය සමග පයිනස් වගාවේ ගින්න සීග්‍රෙයන් පැතිර ගොස් ඇත.


මහමෙව්නා අසපුවේ වැඩ වසන ස්වාමීන් වහන්සේලාද ගින්නි නිවීම සදහා කටයුතු කර ඇති අතර

කුඹල්වෙල මහ මෙව්නාව අසපුවේ හිමිවරු ,ආරක්ෂක අංශ, හා ප්‍රදේශවාසීන් එක්ව බණ්ඩාරවෙල මහා නගරසභාවේ ගිනි නිවන ඒකකයේද සහාය ඇතිව නිවාදැමූවත් අක්කර විශාල ප්‍රමාණයකට ගින්නෙන් හානි වී ඇතැයි ඇල්ල පොලිසිය පවසයි.


මහ මෙව්නාව අසපුවට මෙම ගින්නෙන් කිසිදු හානියක් සිදුව නැති බව එහි හිමිවරු පවසති.


මෙය මිනිස් ක්‍රියාකාරමක් යැයි සැක කරන අතර ඇල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.


 

More News..