brand logo
logo
 ශ්‍රී ලංකාව ගත් ආර්ථික ක්‍රියාමාර්ග ගැන IMF ප්‍රසාදය

ශ්‍රී ලංකාව ගත් ආර්ථික ක්‍රියාමාර්ග ගැන IMF ප්‍රසාදය

30 June 2026


මැදපෙරදිග යුද්ධ පැවැතියද ශ්‍රී ලංකා බලධාරීන්ගේ කඩිනම් ක්‍රියාමාර්ග සාර්ව ආර්ථික හා සමාජ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම උපයෝගී වූ බව IMF දූත මණ්ඩල ප්‍රධානී ඊවන් පැපගෙයෝර්ගියු මහතා පවසයි.


IMF දූත පිරිසේ මෙරට සංචාරය අදින් නිමවන අතර දිවයිනෙන් පිටත්ව යෑමට ප්‍රථම ඔවුන් අද (30) පස්වරුවේ ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී විශේෂ මාධ්‍ය හමුවකට එක්විය.


එහිදී IMF දූත මණ්ඩල ප්‍රධානීයා සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම වසර අගදී අරමුදල් පහසුකම් සම්බන්ධයෙන් 7 වන සමාලෝචනය පිළිබඳ ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා ආරම්භ කරන බවය.


එමෙන්ම රටේ දිගුකාලීන ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ප්‍රතිසංස්කරණ ගම්‍යව පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය බව ඔහු සඳහන් කළේය.


බාහිර කම්පන දිගටම සිදුවන බව සඳහන් කළ IMF දූත මණ්ඩල ප්‍රධානියා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතාව වන ආර්ථික ප්‍රතිසංස්කරණ තිරසාර කිරීම කෙරෙහි අවධානය යොමුකළ යුතු බව අවධාරණය කළේය.


ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා අඛණ්ඩව කැපවීමේ වැදගත්කම අවධාරණය කළ ඊවන් පැපගෙයෝර්ගියු මහතා මැදපෙරදිග ගැටුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග ඉතා සුදුසු ඒවා බවද අවධාරණය කළේය.

 

More News..