වෙළෙඳපොළේ ගෑස් හිඟයක්
06 March 2022
වෙළෙඳපොළේ ගෑස් හිඟයක්
06 March 2022
ඩොලර් අර්බුදය හමුවේ ගෑස් නෞකා 3ක් දින 6ක සිට මෙරට මුහුදේ
ඉන්ධන අර්බුදය මධ්‍යයේ මේ වන විට වෙළෙඳපොළේ ගෑස් හිඟයක් නිර්මාණය වී තිබේ. දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ජනතාව සහ අලෙවි නියෝජිතයන් පවසන්නේ වෙළෙඳපොළ තුළ යළිත් වරක් ගෑස් හිඟයක් නිර්මාණය වී ඇති බවයි. ලිට්‍රෝ සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ කළේ ඉකුත් සිකුරාදා සිටම ලිට්‍රෝ ගෑස් බෙදාහැරීම සම්පූර්ණයෙන්ම නතර වී ඇති බවයි. ඒ අනුව ආදාහනාගාර, කර්මාන්තශාලා සහ මහා පරිමාණ හෝටල් සඳහා ද ගෑස් සිලින්ඩර නිකුත් කිරීම නතර කර තිබේ.වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය හේතුවෙන් ආපනශාලා, බේකරි ඇතුළු ක්ෂේත්‍ර රැසකට මේ වන විට බලපෑම් එල්ල වී තිබේ.ගෑස් රැගත් නෞකා 3ක් දින 6ක සිට මෙරට මුහුදේ නැංගුරම් ලා ඇති අතර ඩොලර් අර්බුදය හමුවේ මෙරට වාණිජ බැංකු ණයවර ලිපි නිකුත් නොකිරීම ගැටලුවට හේතු වී ඇති බව ලිට්‍රෝ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

