brand logo

ලබන සතියේ රටම ලොක්ඩවුන් ?

02 July 2022

අත්‍යවශ්‍ය සේවාවලටත් තෙල් නෑ

රජය නිල වශයෙන් තීරණය නොකලද ඉන්ධන අර්බුදය හේතුවෙන් එළඹෙන සතියේ සිට රටම වැසී යාමේ අවදානමක් මතුව ඇතැයි සති අන්ත ජාතික පුවත්පතක් වාර්තා කර තිබේ. පොදු ප්‍රවාහන සේවා බස් රථ වලට පමණක් නොව සෞඛ්‍ය අධ්‍යාපන ආදිය අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ද නොහැකි මට්ටමට ඉන්ධන අර්බුදය උග්‍ර වී ඇති බව එහි ස්නන්දහන් වේ. රටේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට පවා නොහැකි මට්ටමට ඉන්ධන අර්බුදය බලපා ඇති බවත් නැවත ඉන්න තොගයක් ආනයනය කරන තෙක්ම මෙම තත්ත්වය පවතිනු ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ. ඩීසල් නැවක් ලබන සතියේ ද පෙට‍්‍රල් නැවක් විසි දෙවෙනිදා ද මෙරටට පැමිණෙනු ඇති බව රජය සඳහන් කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
 

More News..