brand logo
logo

බූස්ටර් එන්නත ලබාදීම හෙට සිට

16 November 2021

පාසල් සිසුන් ලක්ෂ 10කට ෆයිසර් එන්නත

අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට කොරෝනා බූස්ටර් එන්නත ලබාදීමේ කටයුතු හෙට (17) ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ, ඒ අනුව බස්නාහිර, දකුණ යන පළාත්වලත්, අනුරාධපුරය සහ අම්පාර යන දිස්ත්‍රික්කවලත් මෙම කටයුතු හෙට (17) ආරම්භ කරන බවයි. මේ අතර පාසල් සිසුන් ලක්ෂ 10කට මේ වනවිට ෆයිසර් එන්නත ලබා දී අවසන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා. එසේම පුද්ගලයින් 120,485 දෙනෙකුට මේ වනවිට බූස්ටර් මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබා දී තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය කියා සිටියේ ඕනෑම කොරෝනා මර්දන එන්නතක පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් එක්කෝටි පනස් අට ලක්ෂයකට වැඩි ප්‍රමාණයකට ලබා දී ඇති අතර, දෙවන මාත්‍රාව පුද්ගලයින් එක්කෝටි 36 ලක්ෂයකට ලබා දී ඇති බවයි.
 

More News..