කොළඹ ආරක්ෂාව තර කරයි
22 December 2021
කොළඹ ආරක්ෂාව තර කරයි
22 December 2021
නත්තල් සමය හා නව අවුරුදු උදාව සමග කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජනතාවගේ ආරක්ෂාව තර කිරීමට පියවර ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ.
මහජනතාව බහුලව ගැවසෙන ස්ථාන හා ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන ලෙසත්, ගැට කපන්නන්, අපරාධකරුවන් පිළිබඳව අවශ්‍ය කටයුතු කිරීමට සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් වැඩිපුර යෙදවීමටත් පියවර ගන්නා ලෙසත් ඔහු දැනුම් දී ඇත.
යතුරුපැදි සංචාර, පා මුර සංචාර ක්‍රියාත්මක කරන ලෙසත් අමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයාට දන්වා තිබේ

