brand logo
logo

කොස්, පොළොස්, බතල මිලත් ඉහලට

27 December 2021

කොස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 200 දක්වා ඉහළට

වෙළදපොළේ මේ වන විට ඉහළ ගොස් ඇති එළවළු වර්ග වලට සාපේක්ෂව අඩු මිලට පැවති කොස්, පොලොස්, කෙසෙල්මුව සහ බතල මිල ගණන් ද මේ වන විට සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. මීට පෙර රුපියල් 20ත්, 40ත් අතර අගයක පැවති ගැට පොළොස් කිලෝවක තොග මිල මේ වන විට රුපියල් 100 දක්වාත්, කොස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 200 දක්වා ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වන්නේ. මීට අමතරව කෙසෙල් මුව කිලෝවක් ද රුපියල් 150 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු මිල ගණන් තවදුරටත් ඉහළ අගයක පවතින අතර ග්‍රාමීයව සපයා ගත හැකි කොස්, පොළොස්, බතල, චව් චව්, අඹ, කැකිරි වැනි ආහාර සඳහා වැඩි ඉල්ලුමක් පවතින්නේ අනෙකුත් එළවළු වර්ගවල මිල ඉහළ යාම හේතුවෙන්.
 

More News..