brand logo
logo

ඉන්ධන මිල වැඩි කළොත් බස් නෑ

20 December 2021

බස් ටිකට් පත වෙනුවට බස් කාඩ්පතක්

රජය ඉන්ධන මිල ක්ෂණිකව විශාල මුදලකින් ඉහළ දැම්මොත් ඊට පසු දිනයේ සිට බස් රථ ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ නුගේගොඩ ප්‍රදේශයේදී අද පැවැත් මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහිදී ඔහු කියා සිටියේ ජනවාරි මස 1 වැනිදා සිට බස් කාඩ්පත අනිවාර්යය කිරීම සඳහා සහ කොන්දොස්තරවරයා රහිතව හෝ සහිතව මගී බස් රථ ධාවනය කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට මෝටර් රථ ආඥා පනත සංශෝධනය කරන ලෙස මෝටර් රථ දෙපාර්තමේන්තුව ප්‍රවාහන අමාත්‍යාංශයට ලිඛිතව දන්වා ඇති බවයි.

බස් රථ ධාවනයේ පිරිවැය තුන් ගුණයකින් වැඩි වීම නිසා ජනවාරි මාසේ වන විට බස් රථ ධාවනය සියයට 25 ක් දක්වා අඩු වන ද ගැමුණු විජේරත්න මහතා පැවසීය.
 

More News..