brand logo
logo

අද සිට බස් ගාස්තු ඉහළට

01 July 2022

නවතම බස් ගාස්තු චක්‍රය මෙන්න

අද (01 වැනිදා) සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම බස් ගාස්තු සියයට විසි දෙකකින් ඉහළ දැමූ බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා පැවසීය. මේ අනුව රුපියල් 32 ක්ව පැවති අවම බස් ගාස්තුවද රුපියල් 40ක් දක්වා වැඩිවන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය. ඉන්ධන මිල වැඩිවීම, ලීසිං, ටයර්, බැටරි ඇතුළු අමතර කොටස් මිල ඉහළ යාම් ආදී කරුණු 12ක් සැලකිල්ලට ගනිමින් මෙම ගාස්තු සංශෝධනය සිදුකර තිබෙන බවද හෙතෙම කීවේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් මේ බව අවධාරණය කළේය. එෆ්. අස්ලම්  
 

More News..