News

හෝටල් සේවකයෝත් සටනට එයි

හෝටල් සේවකයෝත් සටනට එයි

කොළඹින් අරඹන සටන විසඳුම් ලැබෙන තෙක් දිගටම

මෙරට සියලුම හෝටල් සේවකයන් ලබන 26 වැනිදා සිට දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කරන බව හෝටල් සේවක මධ්‍යස්ථානය පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙම උද්ඝෝෂණ මාලාව ආරම්භ වන බවත් කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්වී සිටින හෝටල් සේවකයන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන තෙක් සටන අත් නොහරින බව මෙම මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක ජයතිලක රණසිංහ ‘‘අරුණ’’ට පැවසීය.

Over 20 Health Unions on Strike Tomorrow - Ceylon Today

අවස්ථා ගණනාවකදි තම ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියත් කිසිදු විසඳුමක් මේ වන තෙක් නොලැබුණු බව ඔහු පෙන්වා දුන්නේය. ඉල්ලීම්වලට තාවකාලික විසඳුම් අවශ්‍ය නොවන බවත් ස්ථිර විසඳුමක් අවශ්‍ය බවත් හෙතෙම පැවසීය.

ඒ අනුව උද්ඝෝෂණ මාලාව ජුලි 26දා සවස 3.30ට කොළඹ නගරයෙන් ආරම්භ කරන බව ඔහු පැවසීය.

අශිකා ජයවීර