‘‘හයිලන්ඩ් එළ’’ මේදය අඩු කළ කිරි පිටි වෙළෙඳපොළට හඳුන්වාදීම
19 December 2020
‘‘හයිලන්ඩ් එළ’’ මේදය අඩු කළ කිරි පිටි වෙළෙඳපොළට හඳුන්වාදීම
19 December 2020
මිල්කො පෞද්ගලික සමාගම පූර්න රාජ්‍ය සමාගමක් ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුබද්ධව කටයුතු කරනු ලබයි. රාජ්‍ය සංකල්පය වූ කිරිවලින් ස්වයංපෝෂිත කරලීම සඳහා සක්‍රිය දායකත්වයක් සැපයීම සහ ශ්‍රී ලාංකීය කිරි ගොවීන්ගේ ආර්ථිකය ඉහළ නංවමින්, ගුණාත්මක සහ සෞඛ්‍යාරක්ෂිත කිරි ආශ්‍රිත නිෂ්පාදන විශ්වාසනීය ලෙස පාරිභෝගිකයන්ට ලබාදීම අප සමාගමේ මූලික අරමුණ වේ.
මේ වන විටත් දේශීය කිරිගොවීන් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ඔවුන්ව මෙම කර්මාන්තය සඳහා තවදුරටත් දිරිගැන්වීමේ අරමුණෙන් මිල්කො සමාගම විශේෂිත වූ ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කර ඇත. පහතින් දැනට ක්‍රියාත්මක වන සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ක්‍රියාමාර්ග කිහිපයක් සඳහන් කිරීමට කැමැත්තෙමු.
මෙවන් වූ විශේෂිත ප්‍රතිලාභයන් ක්‍රියාත්මක වන අතරේ නව නිෂ්පාදනයන් හඳුන්වා දීමද අප විසින් සිදු කරනු ලබයි. එම ක්‍රියාවලියේ නැවුම් ඵලයක් ලෙස ‘‘හයිලන්ඩ් එළ’’ නමින් නවතම මේදය අඩු කළ, පෝෂණයෙන් පිරි කිරිපිටි නිෂ්පාදනයක් අද දින ශ්‍රී ලාංකීය පාරිභෝගික ජනතාව උදෙසා වෙළෙඳපොළට ඉදිරිපත් කරමු.
සෞඛ්‍ය සම්පන්න රටක්, නිරෝගිමත් ජනතාවක් ඇතිකිරීම සඳහා දේශීය ප්‍රධානතම කිරි ආහාර නිෂ්පාදකයා ලෙස අප හට විශාල වගකීමක් පවති. ඒ පිළිබඳව වගකීමෙන් කටයුතු කරන ආයතනයක් ලෙස අද රටේ විශාල ලෙස ව්‍යාප්ත වන බෝ නොවන රෝග තත්ත්වයන් අවම කිරීම සඳහා මේදය අඩු ආහාර පරිභෝජනයට හුරු වීම අවශ්‍යතාවක් ලෙස පවතී. අප රටේ විශාල වෙළෙඳපොළක් කිරි පිටි සඳහා පවතී. සාමාන්‍ය කිරි පිටි තුළ පවතින මේද ප්‍රමාණය දීර්ඝ කාලීනව භාවිතයේදී බෝ නොවන රෝග තත්ත්වයන්ට පත්වීමට ඇති හැකියාව ඉහළය. පාරිභෝගිකයන් මේදය රහිත කිරි පිටි පරිභෝජනයට යොමු වීමට අකැමැති වන්නේ එහිදී සම්පූර්ණ යොදය සහිත කිරිපිටි පානය කිරීමේදී අත් විඳින රසය සහ තෘප්තිය එලෙසම ලබා ගත නොහැකි බැවිනි. මෙම ගැටලුවට විසඳුමක් ලෙස අප විසින් හඳුන්වා දෙන ‘‘හයිලන්ඩ් එළ’’ නිෂ්පාදනය මේද ප්‍රතිශතය අඩු කොට වැඩි විටමින් සහ ඛණිජ ලවණවලින් සපිරිව රසයේද වෙනසක් නොමැතිව වෙළෙඳපොළට පැමිණෙන ‘‘හයිලන්ඩ් එළ’’ නිෂ්පාදනය බාල මහලු සියලුම දෙනාට විශ්වාසයෙන් යුතුව භාවිත කළ හැකි නිෂ්පාදනයක් වේ.
ඡායාරූපය - ප්‍රදීප් දඹරගේ