brand logo
logo

ස.තො.ස. සහ සමූපකාර වෙළෙඳසැල් හෙටත් විවෘතයි

12 April 2021

ස.තො.ස. සහ සමූපකාර වෙළෙඳසැල් අද (12) සහ හෙට (13) දිනයේද විවෘතව තැබන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ සමෘද්ධි ලාභීන්ට සහ අඩු ආදායම්ලාභීන්ට රුපියල් 5000 දීමනාවක් ලබාදීම වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක කර ඇති අතර, එම පවුල් වලට ලබාදෙන එම දීමනාවෙන් සරිලන පරිදි භාණ්ඩ ලබාදීම වෙනුවෙන් ස.තො.ස. සහ සමූපකාර වෙළෙඳසැල් විවෘතව තැබෙන බවයි. ඒ අනුව හෙට (13) පස්වරු 6.00 දක්වා ස.තො.ස. සහ සමූපකාර වෙළෙඳසැල් විවෘතව තැබෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
 

More News..