News

සුවය ලැබූවන්ගේ සංඛ්‍යා 99000 ඉක්මවයි

සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 99000 ඉක්මවයි

කොවිඩ්-19 වෛරසය ආසාදිත පුද්ගලයින් 944දෙනෙකු අද (04) පූර්ණ සුවය ලබා රෝහල් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙරට තුළ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 99,153ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටින් මේ දක්වා හදුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 113676ක් වන අතර, ඉන් ආසාදිතයින් 13814දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

කොවිඩ් ආසාදිතවීමෙන් මෙරට තුළ සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 709කි.