brand logo
logo

සතුටින් සිටින දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන දෙකක් ඉදිරියට

20 March 2022

2022 ලෝක සංතුෂ්ඨි දර්ශකය මෙන්න

ශ්‍රී ලංකාව ලෝක සංතුෂ්ඨි දර්ශකයේ ස්ථාන දෙකක් ඉදරියට පැමිණ තිබේ. එ් අනුව මේ වන විට එම දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 127වන ස්ථානයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ගණනය කරනු ලබන ලෝක සංතුෂ්ඨි දර්ශකයට අනුව 2021 වසරේදී ශ්‍රී ලංකාව 129 වැනි ස්ථානයේ පසුවිය. ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව ශ්‍රී ලංකාව ස්ථානය දෙකක් ඉදිරියට පැමිණ තිබේ. ලෝක සංතුෂ්ඨි දර්ශකයේ පළමු ස්ථානයේ පින්ලන්තය රැදී සිටින අතර, අවසන් ස්ථානයට ඇෆ්ගනිස්ථානය පත්ව තිබේ. මෙම ශ්‍රේණිගත කිරිම්වලට අනුව ආසියාවේ කිසඳු රටක් මුල් ස්ථාන 20 අතරට ඇතුළත් නොවේ. නේපාලය 84 බංග්ලාදේශය 94 පාකිිස්තානය 121 ඉන්දියාව 139
 

More News..