brand logo
logo

සත්ව ආහාර කම්හලක 36දෙනෙකුට කොවිඩ්

16 February 2021

දංකොටුව - බුජ්ජම්පොල ප්‍රදේශයේ පවත්වාගෙන යන කුකුළු ආහාර නිෂ්පාදනය කරන ආයතනයකින් කොවිඩ් ආසාදිතයන් 36 දෙනකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. එම කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවකයන් 50 දෙනකුට සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමෙන් අනතුරුව නව ආසාදිතයන් හඳුනාගෙන ඇත. හඳුනාගෙන ඇති ආසාදිතයන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මෙම කර්මාන්ත ශාලාවේ සේවය කරන 8 දෙනකු මීට පෙර කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබුණි. ජුඩ් සමන්ත - පුත්තලම
 

More News..