roadBlockAd
brand logo
logo

ශ්‍රී ලංකාව හෙට තරගබිමට

17 October 2022

එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමඟ සටනට එන සිංහයන්

ඔස්ට්‍රෙලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක ශූරතාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකාව සහභාගිවන දෙවන තරගයේ එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමඟ හෙට (18) ජීලෝන් හි දී පැවැත්වෙනවා. මෙරට වේලාවෙන් පස්වරු 1.30ට එය ආරම්භවීමට නියමිතයි. නැමීබියා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගය පරාජයට පත්වුණා. මේ අතර පළමු වටයේ ස්කොට්ලන්තය සහ කොදෙව් කණ්ඩායම අතර හෝබාට් හි දී පැවැත්වෙන තරගයට පෙරවරුවේ වර්ෂාවෙන් බාධා එල්ලවුණා. ඒ තරගයේ හයවන පන්දු වාරය ක්‍රියාත්මක වෙමින් පැවති අවස්ථාවේදියි. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම පන්දු වාර විස්ස අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 160 ක් ලබා ගත්තා.
 

More News..