ලක්ෂ තුනකට අධික ඖෂධ තොගයක් සමඟ පුද්ගලයෙක් දැලේ
වෛද්‍යවරුන් විසින් රෝගීන්ට වේදනා නාශක ලෙස නිර්දේශ කරන ඖෂධ වර්ගයක්, මත්ද්‍රව්‍ය ලෙස භාවිත කිරීම සඳහා ළඟ තබාගත් පුද්ගලයෙකු ඊයේ (04) ගමිපහ - මල්වතුහිරිපිටියේ දී විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වී තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ බුත්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක් වන පුද්ගලයෙකි.
බලපත්‍ර නොමැතිව නීති විරෝධීව ඹෟෂධ සන්තකයේ තබාගෙන සිටීමේ චෝදනාව මත අදාළ සැකකරුවා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී Pregazime 150mg වර්ගයේ වේදනා නාශක ඖෂධ පෙති 530ක්, Pregabalin 150mg වර්ගයේ වේදනා නාශක ඖෂධ පෙති 190ක් හා Novapreg 150mg වර්ගයේ වේදනා නාශක ඖෂධ පෙති 880ක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා ලද ඹෟෂධ වල දළ වටිනාකම රුපියල් ලක්ෂ තුනකට අධික වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මල්වතුහිරිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.