brand logo
logo

ව්‍යාපාරිකයන් යන එන සූදු පොළ වටලයි

31 July 2022

රුපියල් 12 ලක්ෂ 72800 මුදලක් ද පොලිස් භාරයට

පාදුක්ක බෝපේ හල්පේ වත්ත ලදු කැලෑවක් තුල මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සූදු පොළක් ( කැට) වටලා පුද්ගලයන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම ස්ථානයේ තිබී රුපියල් 12 ලක්ෂ 72800 ක් මුදලක් හා,රුපියල් 19000 ක් අඩංගු තෝම් බෝතලයක් ,මෙන්ම කැටයක් ද පොලිසිය භාරයට ගෙන ඇත. වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන යන මෙම සූදු පොළ හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි පීඩාවකින් පසුවන බවට පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරය ඒකකයට ලද තොරතුරකට අනුව දින දෙකක කාලයක් දිවා රාත්‍රී සිදු කළ මෙහෙයුමකින් අනතුරුව මෙම වැටලීම සාර්ථකව සිදුකළ බව පොලිස් නිලධාරියකු පැවැසීය. රුපියල් ලක්ෂ ගණනින් ඔට්ටු අල්ලමින් සිදුකෙරෙන මෙම සුදු ජාවාරම ගලගෙදර ප්‍රදේශයේ පුද්ගලයකු විසින් මෙහෙයවන බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කලේ. පාදුක්ක පොලිසියේ ඇතැම් නිලධාරීන් සම්බන්ධ කරගනිමින් අත යට ගනුදෙනු ලබාදෙමින් ඔවුන්ගේ ආශිර්වාදය මධ්‍යයේ පවත්වාගෙන යන මෙම සූදු පොළ වසර ගණනාවක් පවත්වා ගෙන ගොස් ඇත්තේ කිසිදු බාධාවකින් තොරව බව වැටලීම සිදුකළ කණ්ඩායමේ පොලිස් නිළධාරියෙකු පැවසීය අත්අඩංගුවට ගත් සැකකරුවන් බහුතරයක් දෙනා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් බවත් කඩවත පිටකෝට්ටේ අතුරුගිරිය මීගොඩ ආදි ප්‍රදේශවල පදිංචිකරුවන් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා පාදුක්ක පොලිසිය වෙත භාරදී ඇත   බණ්ඩාරගම බිමල් ශ්‍යාමන්
 

More News..