brand logo
logo

උතුරු පළාතේ ‍විදුලබල මණ්ඩල සේවකයින් වැඩ වර්ජනයකට සැරසෙයි

06 November 2019

වවුනියාව විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට නොගන්නේ නම් හෙට (07) දහවල් 12.00 සිට විදුලිබල මණ්ඩල උතුරු පළාතේ සේවකයින් සේවයෙන් ඉවත්ව වැඩවර්ජනයක් ආරම්භ කරන බව විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා අද (06) වවුනියාවේදී පැවසීය.උතුරු පළාතේ විදුලි අධිකාරීවරුන් හෙට (07) උදෑසන 06.00 සිට සේවයෙන් ඉවත්ව පහරදීමට විරෝධය දක්වමින් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද පැවසීය. විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘතිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා මෙලෙස පැවසූයේ වවුනියාව විදුලිබල මණ්ඩල පාරිභෝගික සේවා කාර්යාලයේ පැවති මධ්‍ය හමුවකට එක්වෙමිණි. වැඩසටහනේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රංජන් ජයලාල් මහතා පැවසූවේ, පසුගිය 04 වැනිදා වවුනියාව විදුලිබල මණ්ඩලයේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ විදුලි අධිකාරිවරයා ඇතුළු සේවකයින් පිරිසක් ඇතුළ පිරිසකට පහරදී තිබෙනවා. පොලිසියට චෝදනාවක් තිබෙනවා මේ සම්බන්ධයෙන්. පහරදුන් මැරයා නිදන් හාරන ,මත්ද්‍රව්‍ය ජාවාරම්කරන පුද්ගලයෙක්. ආරක්ෂක අංශ නිලධාරීන්ගෙ නොවෙයි ඇතැම් නිලධාරීන්ගේ ආරක්ෂාව රැකවරණය මත එම මැරයා යොදවන මුදල් වලින් නිලධාරීන් යැපෙනවා කියන දෙය කිවයුතුයි. නිලධාරීන්ගේ මේ චෝදනා සම්බන්ධයෙන් අප සොයා බැලුවා මෙය නිශ්චිතවම සත්‍යක් බවට හෙළිවී තිබෙනවා. පහරදුන් මැරයා පහරදීම් කරද්දි ඔහු පොලිස් නිලධාරීන් සමඟ තිබෙන සම්බන්ධතාව පුනපුනා කියා තිබෙනවා. අද දවසේ අපි සාකච්ඡා කළා වෘතිය සමිති මේ පිළිබඳ. පැය 48 ඉක්මවාගොස් තිබෙනවා සැකකරු තවමත් නිදැල්ලේ. පොලිස් අධිකාරීවරයා පොරොන්දුවුවා අද දහවල් 12.00 පමණ වෙද්දි සැකකරු අත්අඩංගුවටගන්නවා කියා. මධූෂ් ඇල්ලූ පොලිසියට මේ තුට්ටුදෙකේ මැරයව අත්අඩංගුවටගැනීමට නොහැකිවීම කණගාටුවටකරුණක්. ආරක්ෂක අංශ පොලිසිය පිළිබඳ අපට සැකයි. මේ මැරයාගේ මුදල් වලින් යැපෙනවාද කියා. වවුනියාවේ සේවකයෝ ක්ෂේත්‍ර රාජකාරියෙන් ඉවත්වෙලා සිටින්නේ. ඒ ආරක්ෂාවක් නොමැති නිසා මේ සිද්ධිය සමඟ. අප වැඩවර්ජනයකට ගොස් නැහැ. අපි මේ පිළිබඳ විදුලිබල අමාත්‍යවරයා , ලේකම්වරයා දැණුවත් කළා. අද අපි සේවයෙන් ඉවත්ව සිදුකරන්නට යන වැඩවර්ජනය අද දිනයේ තාවකාලිකව අත්හිටෙව්වා. දැන් නිලධාරීන් නැවත සේවයට පැමිණ තිබෙනවා. පොලිසිය අපට සහතිකවුනා සේවකයින්ගේ ආරක්ෂාව තහවුරුකරනවා කියා. නමුත් අප ඒකාබද්ධ වෘතිය සමිතියට කිසිදු විශ්වාසයක් නැහැ පොලිසිය පිළිබඳ. වවුනියාව සේවකයින් විශ්වාස කරන නිසා ඔවුන් සේවයට පැමිණේවි. එහෙත් සැකකරුවන් අත්අඩංගුවටගෙන නීතිය නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට පොලිසිය අපොහොසත්වුවහොත් අපගේ විදුලි අධිකාරීවරුන් නියෝජනය කරන වෘතිය සමිති තීන්දුවක් ගනු ලැබුවා හෙට උදෑසන විට උතුරු පළාතේ සියලු විදුලිබල පාරිභෝගික සේවා මධ්‍යස්ථාන තුලින් තමන්ගේ විදුලි අධිකාරී සාමාජිකයින් ඉවත්කරගන්න. ඔවුන්ට ආරක්ෂාව නොමැති නිසා. හෙට දහවල් 12 වන තෙක් අප පොලිසියට කාලය දෙනවා මේ විදුලිබල මණ්ඩල සේවකයින්ට පහරදුන් තුට්ටුදෙකේ මැරයා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නට බැරිවුවහොත් ලංකාවෙම විදුලි අධිකාරිවරුන් සේවයෙන් ඉවත්වීමට නියමිතයි. ඊට සමගාමීව ඩිපෝවල සේවකයින් සේවයෙන් ඉවත්වෙනවා. රටේ විදුලිය පවත්වාගෙන යන්නට අපි පොලිසියට භාරදී අපේ ආරක්ෂාව වෙනුවෙන් අප ඉවත්වෙනවා. අපි ආණ්ඩුවට කියවවා පොලිසිය සමඟ එක්ව විදුලිබල මණ්ඩලය පවත්වාගෙන යන්න මැරයන් අත්අඩංගුවටගන්න නොහැකිනම් කියා. රටේ ජනතාව විදුලිය සම්බන්ධයෙන් යම් අපහසුතාවයකට පත්වනවානම් එහි වගකීම ශ්‍රී ලංකා පොලිසිය භාරගතයුතුයි. නැතිනම් මුළුරටම අඳුරටපත් වන බවට ප්‍රකාශකරන බවද ජයලාල් මහතා වැඩිදුරටත් පැවසීය. වැඩසටහන් අවස්ථාවට එක්වු වවුනියාව මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න වැලිකල මහතා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කොට තිබෙන බවයි. වැඩසටහනට එක්වු විදුලිබල සේවකයින් පැවසුවේ ‍වවුනියාව පොලිස් නිළධාරීන් හරහා දිගින් දිගටම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වන බැවින් කඩිනමින් තමන්ට සාධාරණය ඉටුවිය යුතු බවයි. වැඩසටහන් අවස්ථාවට විදුලිබල මණ්ඩලයේ වවුනියාව කාර්යාල නිළධාරීන් සියළු දෙනා එක්ව සිටියහ.
 

More News..